― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමුදලිගේ මානව හිමිකම් නඩුවට දේශබන්දුගේ නම ඇතුළත් කිරීමට අවසර

මුදලිගේ මානව හිමිකම් නඩුවට දේශබන්දුගේ නම ඇතුළත් කිරීමට අවසර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියාකලාපය සාක්‍ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන සිටින රැඳවියාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බැවින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හත්වැනි වගඋත්තරකරු ලෙස නම් කිරීමට වසන්ත මුදලිගේ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ත්‍රස්තවාදයට සම්බන්ධ බව කියන වසන්ත මුදලිගේ රඳවා ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිපියක් යවා ඇති බව සාලිය පීරිස් අධිකරණයට දන්වා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් විසින් නියමිත ක්‍රියාපටිපාටිය කඩ කරමින් පොලිස්පතිවරයා හරහා නොගොස් මෙම ලිපිය එවා ඇති බවද වැඩිදුරටත් අනාවරණය විය.