27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට අමෙරිකාවෙන් තහනමක්?

ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට අමෙරිකාවෙන් තහනමක්?

අමෙරිකාව විසින් මෙරට ව්‍යාපාරිකයෙකුට සම්බාධක පැනවීමට පියවර ගෙන තිබෙනවා.

බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නම් අයෙකුට එලෙස සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් අල්-කයිඩා සංවිධානයේ මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ සහ බාහිර මෙහෙයුම් සැලසුම්කරුවෙකු වන අහමඩ් ලුක්මාන් තලිබ් සහ තුර්කි ව්‍යාපාරිකයෙකු වන මුසාබ් ටුකර්මන් නම් ව්‍යාපාරිකයින් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මෙම සම්බාධක පනවා ඇති බව වාර්තා වෙයි.

2018 මැද භාගය වනවිට, ශ්‍රී ලංකාව පදනම් කරගත් ව්‍යාපාරයක තලිබ් සහ නිසාර් එකම ව්‍යාපාරයේ හවුල් නියෝජිතයන් බව අමෙරිකානු භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපාරික ගනුදෙනු මගින් වසරකට ඩොලර් 200,000 කට ආසන්න ලාභයක් උපයා ඇති අතර නිසර් විසින් තලිබ් සඳහා ද්‍රව්‍යමය වශයෙන් ආධාර කිරීම, අනුග්‍රහය දැක්වීම හෝ මූල්‍යමය, ද්‍රව්‍යමය හෝ තාක්‍ෂණික සහාය ලබා දීම සඳහා හෝ භාණ්ඩ හෝ සේවා සැපයීම සිදුකර ඇති බව අමෙරිකානු භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය සඳහන් කරයි.