24 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 80ක මුදල් වංචා කළ පූජකවරයෙක් රිමාන්ඩ්

ලක්ෂ 80ක මුදල් වංචා කළ පූජකවරයෙක් රිමාන්ඩ්

ජපානයෙන් ප්‍රාඩෝ රථයක් ගෙන්වා රුපියල් ලක්ෂ 80 ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුවේ පූජකයෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාර පූජ්‍ය පියතුමා ඊයේ (09) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.

ගරු පියතුමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තම සේවාලාභියා මෙම මුදල ශ්‍යාමලී සමරනායක නම් කාන්තාවකට ලබාදී ඇති බවත් එම කාන්තාව රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර ඇප මත මුදාහැර ඇති බවත්ය.

මෙම කාන්තාවට මුදල් ලබාදීමේ ලේඛනය ඉදිරිපත් කළ හැකිදැයි විනිසුරුවරයා සැකකාර පූජකවරයාගෙන් විමසා සිටියේය.

කෙසේ වෙතත්, ඔහුගේ පාර්ශ්වයෙන් එවැනි ලේඛනයක් ඉදිරිපත් කර නැත. මෙම තත්ත්වය තුළ පූජකවරයා අත්අඩංගුවේ තබා ඇත.