28.4 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයින් 08ක් නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට

ශ්‍රී ලාංකිකයින් 08ක් නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට

මධ්‍යම අප්‍රිකානු රටක් වන ඉක්වරිටෝයල් ගිනිහි රඳවාගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙක් සහිත නෞකාව නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු 12 වැනිදා සමක ගිනියාවේ නාවික ආරක්ෂක අංශ විසින් මෙම නෞකාව ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් විසින් මාස 04කට ආසන්න කාලයක් නීතිවිරෝධි ලෙස එහි වරායක මෙම නෞකාව රඳවා තබාගෙන තිබෙනවා.

මෙම නෞකාවේ මුළු කාර්ය මණ්ඩලය 26ක් වන අතර ඉන්දියානුවන් 16ක්, ශ්‍රී ලාංකිකයන් 8ක්, පෝලන්ත ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු අතර සිය නෞකාව නයිජීරියානු ආරක්ෂක අංශ විසින් යළිත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයට මැදිහත් වන ලෙසයි එම නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා.