25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංවර්ධන නිලධාරීන් 26,000කට ජනවාරියේදී ගුරු පත්වීම්

සංවර්ධන නිලධාරීන් 26,000කට ජනවාරියේදී ගුරු පත්වීම්

සංවර්ධන නිලධාරීන් ලෙස පත් කරන රජයේ සේවකයන්ට ගුරු පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලැබූ 26,000ක් එළඹෙන ජනවාරි මාසයේදී ගුරු සේවයට බඳවා ගන්නා බවයි.

ඒ සඳහා 2018, 2019, 2020, 2021 කාලසීමාව තුළ සංවර්ධන නිලධාරීන් ලෙස පත් වූ උපාධිධාරීන් රටපුරා පැවැත්වෙන තරග විභාගයක් මගින් බඳවා ගැනීමට නියමිතය.

පාසල්වල භෞතික සම්පත් අවශ්‍යතා සපුරාලීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.