රියදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14) සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා හිඟව පැවති කාඩ් පත් ලක්ෂ 5ක් පෙරේදා මෙරටට ආනයනය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ ප්‍රකාශ කළේය.
කාඩ්පත් නොමැතිවීමෙන් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ පසුගිය කාලයේදී රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ කඩදාසියකයි.