26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොර පාරෙන් රට ගිය 586ක් හරවා එවයි

හොර පාරෙන් රට ගිය 586ක් හරවා එවයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිළධාරීන් විසින් මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගී කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශගත වීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

එයට හේතුව වී ඇත්තේ සංචාරක වීසා මගින් විදේශගතවී විවිධ හිරිහැරයන්ට ලක්වූ කාන්තාවන් බොහෝමයක් පිලිබඳ කාර්‍යාංශයට තොරතුරු වාර්තාවීම හේතුවෙනි.

ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්‍යාලවලින් ලද වාර්තා වලින්ද මේ බව තහවුරු වන අතර එසේ කරදරයට පත්වූවන් නැවත මෙරටට ගෙන්වීමේදීද විවිධ ගැටළු පන නැගී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි 2022 නොවැම්බර් 11 සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන මගින් විදේශ ගතකිරීම අත්හිටුවා ඇත.