25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsෆේස්බුක් සේවකයන් 11,000ක් සේවයෙන් ඉවත් කෙරේ

ෆේස්බුක් සේවකයන් 11,000ක් සේවයෙන් ඉවත් කෙරේ

ජනප්‍රිය සමාජජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් වෙබ් අඩවියෙන් සේවකයන් 11,000කට අධික පිරිසක් සේවයෙන් පහකර තිබෙනවා.

Facebook හි මව් සමාගම වන Meta මෙම තොරතුරු නිවේදනය කළේය. ආදායම පහත වැටීමෙන් පසු වියදම් කැපීමේ පියවරක් ලෙස මෙලෙස කම්කරුවන් 11,000ක් සේවයෙන් ඉවත් කර තිබේ.

“මම මෙටා සමාගමේ ඉතිහාසයේ අප විසින් සිදු කරන ලද වඩාත්ම දුෂ්කර වෙනස්කම් කිහිපයක් පිළිබඳ තොරතුරු බෙදා ගනිමි. අපේ කණ්ඩායමේ ශක්තිය දළ වශයෙන් සියයට 13කින් අඩු කරලා අපේ දක්ෂ සේවකයන් 11,000කට වැඩි පිරිසකට යන්න දෙන්න මම තීරණය කළා.” Facebook නිර්මාතෘ Mark Zuckerberg පැවසීය.

ඉවත් කරන ලද සේවකයින්ට සති 16 ක මූලික වැටුපක් ගෙවන බව Facebook සමාගම පවසයි.