28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF එකඟතාවලට ජනතාව බිය වන කරුණු ඇතුළත් - විජිත හේරත්

IMF එකඟතාවලට ජනතාව බිය වන කරුණු ඇතුළත් – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට ජනතාව බිය වන දේවල් ඇතුළත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.

රට දැනට මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයට එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා රජය දිගින් දිගටම කියා සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික ගිවිසුමේ සඳහන් කරුණු පිළිබඳව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරුන්ට පැවසීමට උත්සාහ කළ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා කිව්වේ එය පවසා ජනතාව බිය ගැන්වීමට කටයුතු නොකළ යුතු බවයි.

IMF ගිවිසුම තුළ මහජනයා බියට පත් වන දෙයක් අඩංගු බව මෙයින් තහවුරු වෙනවා . මම එක දෙයක් වගකීමෙන් කියනවා. මාර්තු 02 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද 4 වැනි වගන්තියට කොන්දේසි පහක් ඇතුළත් කර තිබුණා. බදු වැඩි කිරීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම, රුපියලේ අගය පාවීම, රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම එම කොන්දේසි පහයි. පස්වැනි කොන්දේසිය හැර රජය විසින් සෙසු කරුණු හතර ඉදිරියට ගෙන යමින් සිටිනවා.