29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න කෝටි 03ක් වැය කරලා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න කෝටි 03ක් වැය කරලා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීම සඳහා 2020 සහ 2021 වසර දෙක තුළ රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇති බව විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

මාස 06කින් අවසන් කළ යුතු වැඩ මාස 15කින් අවසන් නොකළ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා 2020 ඔක්තෝම්බර් මාසයේදී පළමු කමිටුව රැස්වූ අතර කමිටු සැසි 38ක් සහ බාහිර පාර්ශ්ව සමඟ සාකච්ඡා නවයක් සඳහා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇති බව එම වාර්තාවෙන් හෙළි වී තිබේ.

මෙම වියදම්වලින් කාර්යාල උපකරණ සඳහා රුපියල් ලක්ෂ 12.5ක් වැය කර ඇති අතර කිසිදු කටයුත්තක් සඳහා භාවිත නොකරන කාර්යාල කාමර තුනක් සඳහා කුලියට දී ඇති බවත් වාර්තා වෙයි.