29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ තරුණ මැති ඇමතිවරුන් දැඩි කලකිරීමෙන්

පොහොට්ටුවේ තරුණ මැති ඇමතිවරුන් දැඩි කලකිරීමෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇතිවූ සිද්ධිවලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා ඔවුන් මෙලෙස කලකිරීමට ලක්ව ඇති බව පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් එම මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන්තැන්වල කතාබස් කිරීමට පටන් ගෙන ඇති අතර පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක පොදුජන පෙරමුණේ ප්‍රධාන රැස්වීම් කිහිපයක් පැවැත්වුවද, තරුණ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ඊට සහභාගි නොවූයේ මෙම කලකිරීම නිසා බව වාර්තා වෙයි.