29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅයවැය ටී පාටිය වෙනුවට දෙන්න ගිය ග්‍රෑන්ඩ් ඩිනර් එක හදිසියේම කැන්සල්

අයවැය ටී පාටිය වෙනුවට දෙන්න ගිය ග්‍රෑන්ඩ් ඩිනර් එක හදිසියේම කැන්සල්

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියල්ලන්ටම කිංස්බරි හෝටලයේ දීමට සැලසුම් කර තිබූූ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහය අවසන් මොහොතේ අවලංගු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

අයවැය ඉදිරිපත් කිරීම අවසානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනු ලබන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය වියදම් අවම කිරීම සඳහා යැයි කියමින් අවලංගු කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබූ අතර පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් අරලිය ගහමැදුරේ අයවැය සම්බන්ධයෙන් වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කොට තිබේ.

කෙසේවෙතත් පසුව එය මධුවිත සමග සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස කිංස්බරි හෝටලවේ අද සවස පැවැත්වීමට සැලසුම් කොට තිබිණ.

නමුත් මේ බව එම වෙබ් අඩවිය ඔස්සේ රටට හෙළිදරව් කිරීමෙන් පසු කිංස්බරි හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කොට අද සවස 3.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අයවැය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීඹට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.