25 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ප්‍රවේශපත්වල දැඩි හිඟයක්

දුම්රිය ප්‍රවේශපත්වල දැඩි හිඟයක්

දුම්රිය ප්‍රවේශපත්වල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය.

ඔහු සඳහන් කළේ හලාවත සහ ලුණුවිල දුම්රිය ස්ථානවල රුපියල් 20ක ප්‍රවේශපත් නොමැති වීම නිසා සම්පූර්ණ ගමන් ගන්නා මගීන් සඳහා රුපියල් 40 ප්‍රවේශපත් දෙකට කපා මගීන් දෙදෙනෙකු වෙත නිකුත් කිරීමට සිදුව ඇති බවත් මගී ගමන් ගන්නා දුම්රිය ස්ථානය වෙත අදාල ප්‍රවේශපත වෙනුවෙට නිසි අවසරයකින් තොරව වෙනත් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බවත්ය.

එමෙන්ම කොළඹ කොටුව, මරදාන, ගම්පහ, මොරටුව, පානදුර, වේයන්ගොඩ සහ ගම්පහ යන විශාල වශයෙන් ප්‍රවේශපත් අලෙවි වන දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ප්‍රවේශපත් නොමැතිවීමෙන් අපහාසුතාවයට ලක්ව සිටින බව වාර්තා වෙයි.