බිත්තර සඳහා පාලන මිලක් පැනවීම තුළින් බිත්තර නිෂ්පාදකයින් මේ වනවිට දැඩි අපහසුතාවකට මුහුණ පා තිබේ.
එලැඹෙන උත්සව සමයේදී බිත්තර හිඟවීම තුළින් නුදුරේදී බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරවලින් පවා ඈත්වීමට ඉඩකඩ ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රට තුළ දැඩි ආහාර අර්බුදයක් පවතින පසුබිමක බිත්තර නිෂ්පාදනයද පසුගාමී ස්වභාවයක් ගෙන ඇති අතර ඒ හේතුවෙන් ආර්ථික අර්බුදය වර්ධනය වන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.
රජය විසින් බිත්තරවලට පාලන මිලක් නියම කිරීම නිසා වෙළඳපොළ තුළ බිත්තර හිඟය උග්‍ර වී තිබේ.