29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 07 බිළිඳා සමඟ මවගේ සිරුරු ළිඳකින් හමුවෙයි

මාස 07 බිළිඳා සමඟ මවගේ සිරුරු ළිඳකින් හමුවෙයි

යාපනය මිරුසවිල් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුළ තිබී මාස 7ක බිළිඳෙකුගේ සහ මවකගේ මළසිරුරු ඊයේ (13) ගොඩගත් බව කොඩිකාමම් පොලීසිය පවසයි.

මියගිය මව සහ බිළිඳා සිටි නිවසේ කිසියම් පවුල් ආරවුලක් පසුගිය දිනයන්හි සිදුවූ බවටත් පසුව මව සහ බිළිඳා නොසිටීම මත ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය එම ප්‍රදේශයට ගොස් සිදුකරන ලද පරික්ෂණවලදී මව සහ බිළිඳාගේ සිරුරු ගෙවත්තේ ළිඳ තුළ තිබී හමු වී තිබේ.

පසුව ඒ පිළිබඳව පොලීසිය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොඩිකාමම් පොලීසියට නියෝග කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ මිරුසවිල් දකුණු ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ප්‍රකාශ් චන්ද්‍රමතී නැමති කාන්තාවක් සහ ඇයගේ මාස 07 ක් වයසැති ප්‍රකාශ් කරුණ්‍යා නැමැති බිළිඳායි.

අදාළ මරණය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.