29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරගර් තරගාවලියට දකුණු කොරියා ගිය ලංකාවේ නායිකාව අතුරුදන්

රගර් තරගාවලියට දකුණු කොරියා ගිය ලංකාවේ නායිකාව අතුරුදන්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග අවසන් වීමෙන් පසුව කාන්තා කණ්ඩායම ඊයේ (13) දිනයේදී පිරිමි කණ්ඩායමේ තරග නරඹමින් සිටි අවස්ථාවක ඇය මෙලෙස කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඉන් පැය කිහිපයකට පසු පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව කණ්ඩායම් කළමණාකාරීනිය විසින් අවස්ථා දෙකකදී නිවේදනය කරමින් සඳහන් කර ඇත්තේ “දුලානි අපි ඔයාව හොයනවා, ඉක්මනටම කණ්ඩායමට එකතු වෙන්න” යනුවෙන්.

කෙසේ වෙතත් එම නිවේදනයෙන් පසුවත් ඇය කණ්ඩායම සමඟ එක් නොවූ බවයි වාර්තා වන්නේ. පසුව මැයගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු රග්බි සංමගයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

එහිදී කොරියානු පොලිසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටෙන් පිටවීමට පෙර ඇයව සොයාගැනීමට උත්සාහය ගන්නා බවයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14) මෙරට බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ.