25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews20 වැනිදා සිට අධිවේගයේ බස් රථ ධාවනය නවතී

20 වැනිදා සිට අධිවේගයේ බස් රථ ධාවනය නවතී

සියලු අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයෙන් ලබන ඉරිදා (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා.

ගමනාගමන කොමිෂන් සභාව විසින් අසාධාරණ ටෙන්ඩර් ගාස්තුවක් අයකිරීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙලෙස අසාධාරණ අයකිරීම් හේතුවෙන් බස් රථ ධාවනයට විශාල පාඩුවක් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කොමිෂන් සභාවේ මෙම ගාස්තු නිසා ජනතාව ද පීඩාවට පත්වන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියා