23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරනවා

2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරනවා

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වනවිට එය සංවර්ධිත රටක් බවට පත් කිරීම තම ඉලක්කය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

මෙම අයවැය 2023 සමඟ අපි තරඟකාරී නවීන ආර්ථිකයක් කරා යන ගමන ආරම්භ කරනවා. මේ අයවැය යෝජනා හරහා අපි නිදහසේ 100 වැනි වසර වන 2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට පසුබිම සකස් කරනවා.