― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical7% - 8%ක ආර්ථික වර්ධනයක්

7% – 8%ක ආර්ථික වර්ධනයක්

*සියයට හතක් හෝ අටක් ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) අයවැය කතාවේදී ප්‍රකාශ කළේය.

*සැනසිලිදායක යුගයකට ලංකාව පැමිණ ඇති බව ජනපති කියයි.

*බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමෙන් නව ආර්ථිකයක් බිහි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඒ සඳහා නව ආදායම් මාර්ග සොයා ගත යුතු බව ඔහු සඳහන් කළා.

*ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.


*උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරනවා. විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විෂය විදේශ විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙනවා.

*ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා.

*විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනවා.

*වාහන වියදම් ඉහළ යාම උද්ධමන තත්ත්වය නිසා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් නිසා අසීරුතාවයකට පත්ව තිබෙනවා. තවත් වසරකින් රජයේ ආදායම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වෙනවා 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි ඒවි යැයි සිතනවා පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙනවා.

*ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම. ඒවා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරනවා.

*අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙකුටම බදු ගොනුවක් විවෘත කළ යුතු බව කිව්වද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටිනු ඇත.

*රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන සියයක් වෙන්කර තිබෙනවා. 

*මුහුණු මාරු කරන දේශපාලනයෙන් ඉවත් වී ක්‍රමය මාරු කරන දේශපාලනයකට යාමේ අභියෝගය බාර ගනිමු. ඒ සඳහා විපක්ෂයෙන් ද සහය ලබනු ඇතැයි අප සිතනවා.

*රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

*ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදෙන්නට කටයුතු කරනවා.

*සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබාදෙනවා. අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා.මෙය අනිවාර්ය කරන්නේ නැහැ කැමති අයට පමණක් ඉවත් විය හැකියි.

* පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා.පෙනුමෙන් රක්ෂණ අරමුදල ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.

*වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආයතනය කොළඹ කොළඹට පමණක් සීමා වී තිබෙනවා පේරාදෙනිය, රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවලත් පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරන ලෙස රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙනවා.

*ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සා  යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා.

*සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සිදුවී නැහැ. ඔවුන් රටේ ප්‍රගතිය නංවා ගැනීම සඳහා ඵලදායී ලෙස සහභාගී කරගත යුතුයි. කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා.

*සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමග සමඟ කලාපීය සබඳතා ගොඩනඟා ගැනීමට මූලික පියවර තබනවා.

*ඉන්දියාව හා චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් සමඟ සම්බන්ධ වීමේ උත්සාහය ආරම්භ කර තිබෙනවා.

*අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට සීමා වන්නේ නැහැ. ආර්ථික ස්ථායිකරණය සඳහා පමණක් මූල්‍ය අරමුදල එකගතා සීමාකර ගන්නවා. බොහෝ  ආණ්ඩු ජනප්‍රියතාවය වෙනුවෙන් ඉටු නොකළ කාර්යභාරයන් අප රට වෙනුවෙන් ඉටු කරනවා.

*කුරුඳු  කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක්  පිහිටුවනවා.

https://bit.ly/3hJviNm