26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් ලක්ෂ අනූවක්

අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් ලක්ෂ අනූවක්

ඉකුත් මැයි 09 වැනිදා කළහකාරීන් විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතු‍කෝරාළගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ඊයේ (14) සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින ආණ්ඩු පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 දෙනෙකුගෙන් සමන්විත ‘මාදිවෙල සංවිධානය’ විසින් අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් මෙම අරමුදල් එකතු කිරීම ආරම්භ කරනු ලැබුවා.

අනතුරුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඊට හිමිවී වූ බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී නියෝජ්‍ය කථානායකවරයා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ඝාතනයට ලක්වූ හිටපු මාතර දිසා අමාත්‍යවරයකු වූ කීර්ති අබේවික්‍රම වෙනුවෙන්ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබාදෙන බවත් ඒ අනුව අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ පවුලටද එම දීමනාව ලබා දිය හැකි බවත් සඳහන් කර සිටියා.