25.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලියෙකුගේ දිවි නසා, වළ දැමූ සැකකරුවන් සොයා විමර්ශන

අලියෙකුගේ දිවි නසා, වළ දැමූ සැකකරුවන් සොයා විමර්ශන

දිඹුලාගල – කන්දේගම ගම්මානයේ විදුලි සැර වද්දවා වන අලියෙකු ඝාතනය කර, ගෙවත්තක වළ දැමූ පුද්ගලයින් සොයා වනජීවී දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වන අලියා පසුගිය 12 වැනිදා ඝාතනය කර ඇති අතර පසුව කොටස්වලට කපා එම සත්ත්වයාගේ සිරුර මෙලෙස වලදමා ඇති බවටයි වනජිවි නිලධාරින් සැක පළ කරයි.

මෙම වනඅලියා වළ දමා ඇත්තේ ගෙවත්තේ විදුලි වැටක්ද පවතින අතර මෙම ඝාතනය සිදු කරන්නට ඇත්තේ එම ගෙවත්තේ හිමිකරු ඇතුළු පිරිසක් බවයි සැක පළ කරන්නේ.

මෙම වන අලියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.