― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅසල්වැසියා එකම පවුලේ සිව්දෙනෙක්ට කඩුවෙන් කොටලා

අසල්වැසියා එකම පවුලේ සිව්දෙනෙක්ට කඩුවෙන් කොටලා

මාතලේ, රන්බිමගම ප්‍රදේශයේදී එකම පවුලේ මව, දියණිය සහ පුතුන් දෙදෙනාට අසල්වාසියෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්බිමගම, හුණුකැටවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි මව, දියණිය සහ පුතුන් දෙදෙනාට මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ දරුවා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වූ වයස අවුරුදු 38 මව, අවුරුදු 19 දියණිය සහ අවුරුදු 15 පුතා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ. මෙම පවුල සහ යාබද නිවසක පවුලක් අතර කලක සිට පැවති ආරවුලක් මත ඊයේ (14) මෙම අපරාධය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකරු ඒ සඳහා යොදාගත් කඩුවක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.