― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකඩාවැටුණු ආර්ථිකේ කරේ තබාගෙනයි අපි මේ උඩුගම් බලා පීනන්නේ - රංජිත් සියඹලාපිටිය

කඩාවැටුණු ආර්ථිකේ කරේ තබාගෙනයි අපි මේ උඩුගම් බලා පීනන්නේ – රංජිත් සියඹලාපිටිය

මෙවර අයවැය කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැමැති දේහය කරේ තබාගෙන උඩුගම්බලා පිහිනීමක් සිදු කරන්නාක් බඳු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

එහිදී වැදිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විවිධ පුද්ගලයන් චෝදනා කරන ආකාරයෙන් මෙම අයවැය ලියවිල්ල ඇමරිකාවේ සිට නිර්මාණය කළ ලියවිල්ලක් හෝ කිසිදු ඇමරිකානුවෙකුගේ සහභාගීත්වයෙන් නිර්මාණය කළ ලියවිල්ලක් නොවන බවයි.

මම දැක්කා අයවැය ලේකනය පුස් ලියවිල්ලක් බවට සඳහන් කරලා තිබෙනවා. මේක පුස් ලියවිල්ලක් නෙවෙයි. මේක පැහැදිලිවම ජනතාව ජීවත් කරවමින්, ආර්ථිකයට නව පනක් ලබා දෙමින් ස්ථාවර ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කිරීම සඳහා වූ මේ වෙලාවේ කරන්න පුළුවන් ඉතාමත් ඉහළ යෝජනා ඉදිරිපත් කරන්න දැඩි වෙහෙසක් රාජ්‍ය නායකයා ලෙස මුදල් ඇමතිවරයා කටයුතු කළා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් එකතු වෙලා ඊයේ පාන්දර 4යි මේක ඉවර වෙනකොට. මම දැක්කා සමහරු කියලා තියෙනවා මේක ඇමරිකාවේ ඉදලා හදපු ලියවිල්ලක් කියලා. මම නම් දැක්කේ නෑ ඇමරිකන් කාරයෙක්වත් මේක ඇතුලේ ඉන්නවා. මේක අපි සියලු දෙනාගේ සාමූහික එකතුවක් නායකත්වයේ මග පෙන්වීම දැඩිව ඇතිව.

විවේචනය ඉතාම පහසුයි. අපි මේ උඩුගම්බලා පිහිනන්නේ. නායකයත් එහෙමයි. නිකන් නෙවෙයි කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය කියන දේහය කරේ තියාගෙන උඩුගම්බලා පිහිනන්නේ. එහෙම යද්දි ගඟ ඉවුරේ ඉදලා කෙනෙකුට කියන්න පුළුවන් යන වේගය අඩුයි, පිහිනන ආරය වැරදියි, ගිලෙන්න යනවා කියලා. ඒක හරි පහසුයි. මේ එවැනි අවස්ථාවක්. ඒ අවස්ථාව අපි තේරුම්ගන්න ඕනී. සමහරවිට පිහිනලා ගොඩට යයි කියලා බයක් තියෙනවාද දන්නේ නෑ. කෙනෙක් හිතනවා නම් මේක ගිලුනොත් ගොඩදාලා රන් පදක්කම ගන්න පුළුවන් කියලා ඒක වැරදියි. එහෙම වුනොත් ඉතුරු වෙන්නේ නෑ රටක්.