31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsක්‍රිකට් හැර ඕනෑම ක්‍රීඩාවකට සහය දෙන්න බ්‍රිතාන්‍යය සූදානමින්

ක්‍රිකට් හැර ඕනෑම ක්‍රීඩාවකට සහය දෙන්න බ්‍රිතාන්‍යය සූදානමින්

පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීම සඳහා ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් පවසනවා.

මහකොමසාරිස්වරිය මේ බව සඳහන් කළේ මහකොමසාරිස් නිල නිවසේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (14) හමු වූ අවස්ථාවේදීයි.

ක්‍රිකට් හැර සෙසු ක්‍රීඩාවන්ට අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය සහ අවබෝධය, ලබාදීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය මෙහිදී කැමැත්ත පළකර තිබෙනවා.

එමෙන්ම දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ව්‍යපෘතියක් ආරම්භ කිරීමට ද ඇය එකඟත්ව පළකර බවයි වාර්තා වන්නේ. උසස් අධ්‍යාපනයෙන් පසු විදේශ රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමටත් එහිදී මහකොමසාරිස්වරිය එකඟතාව පළකර තිබෙනවා.