― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩයනාගේ බොරු රැසක් අධිකරණයේදී අතේ පත්තු වෙයි

ඩයනාගේ බොරු රැසක් අධිකරණයේදී අතේ පත්තු වෙයි

සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඇයගේ මෙරට වීසා බලපත්‍රය පසුගිය 2014 වසරේ දී අවසන් වී ඇති බවත් අධිකරණය හමුවේ අනාවරණය වී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලේඛනවලට අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර නොහොත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව සඳහන්.

2014 ජනවාරි මාසයේදී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් භාවිත කරමින් ඇය විසින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඇය දිව්ත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක් නොව, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තියක් බවයි.

අධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණය වීමෙන් සමඟ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර තිබෙනවා.