25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපොහොට්ටුවට පණදෙන්න බැසිල් 20 වැනිදා ලංකාවට

පොහොට්ටුවට පණදෙන්න බැසිල් 20 වැනිදා ලංකාවට

බැසිල් රාජපක්ෂ ලබන 20 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

කෙසේවෙතත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂ මෙසේ හදිසියේම දිවයිනට පැමිණීමට තීන්දු කොට තිබෙන්නේ ඇදවැටී තිබෙන එම පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීන්දු තීරණවලට පිටින් තීන්දු ගන්නා තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ඉඩකඩ තිබීම නිසා පක්ෂයේ පූර්ණ වගකීම තමන් සතු කරගෙන මහා සම්මේලනයක් කැඳවා පක්ෂය ශක්තිමත් කිරීම බැසිල් රාජපක්ෂගේ සැලැස්ම බව එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

විදෙස්ගතව සිටින කාල සීමාවේදීද බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇති අතර කැබිනට් සංශෝධනය සිදුවිය යුතු ආකාරය පිළිබඳ අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.