28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිවරයාට කැඳවීමක්

මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිවරයාට කැඳවීමක්

පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මේ හේතුවෙන් කරුණු විමසීමට ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇත.

කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණයට හා නීතියේ ආධිතපත්‍යට බලවත් තර්ජනයක් බව මානව හිමිකම් කොමිෂන් සභාවේ මතය බවයි.

නීතිය ආරක්ෂා කිරීමට බැඳී ඇති නිලධාරීන් මෙලෙස හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කොමිසම පෙන්වා දෙයි.