22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේක ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ අයවැයක්

මේක ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ අයවැයක්

ව්‍යාපාර කඩා වැටී ඇති මෙවන් මොහොතක බදු ගැසීම හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (15) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ගිය වසරේ මිලියන එකොලොස් දහසක් ලාභ ලබා තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්නට ආණ්ඩුව පාවිච්චි කරන තර්කය කුමක්ද යනුවෙනුයි.

පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවට අසීමිත ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නේ කුමටදැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් ලාභ ලබන ආයතන එක සැරේ විකුණා එයින් ලැබෙන කුට්ටිය අර්බුදය විසඳන්න පාවිච්චි කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවත් අවධාරණය කළේය.