29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පිලිපීනයේ මැනිලා නුවරදී බිලියන අටවැන්නා ලෙස බිළිඳියක් උපත ලැබීමත් සමඟ මෙම අගය සම්පුර්ණ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සුවිශේෂ අවස්ථාව නිවේදනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර සිටියේ ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11ක කාලයක් ගත ඇති බවයි.

ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15ක් ගතවන බවත් බිලියන 10 වීමට 2080 පමණ විය හැකි බවත් එම සංවිධානය පවසා තිබේ. එය ගෝලීය ජනගහනයේ සමස්ත වර්ධන වේගය මන්දගාමී වන බවට ලකුණක් බවයි ඔවුන් දක්වා ඇත්තේ.

බිලියන 09 වන පුරවැසියා ඉපදෙනු ඇතැයි පුරෝකථනය කර ඇත්තේ කොංගෝව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, නයිජීරියාව, පකිස්ථානය, පිලිපීනය සහ ටැන්සානියාව යන රටවල් අටෙන් බව සඳහන්.

මේ අතර 2023දී ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව පැමිණෙනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.