27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල ඉහළ දැම්මට එය ප්‍රමාණවත් නැහැ - Fitch Ratings ආයතනය

විදුලි බිල ඉහළ දැම්මට එය ප්‍රමාණවත් නැහැ – Fitch Ratings ආයතනය

මෙරට විදුලි බිල ඉහළ දැමුවද එය ප්‍රමාණවත් නොවන බව Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කළද එය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි.

වත්මන් අමුද්‍රව්‍ය මිල ගණන් මධ්‍යයේ නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට සංශෝධනය කළ ගාස්තු ප්‍රමාණවත් නොවන බවත් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩු අවම කර ගැනීමට හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අමුද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් පුනර්ජනනීය බලශක්ති සම්පත් වෙත මාරුවීම මූල්‍ය නම්‍යශීලී බවක් ඇති කළ හැකි බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි.