29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවිපක්ෂය සමඟ එකට වැඩ කිරීමට තීන්දු කළා පමණයි

විපක්ෂය සමඟ එකට වැඩ කිරීමට තීන්දු කළා පමණයි

ඊයේ සිදුවූයේ තම අනන්‍යතාවය තබාගෙන විපක්ෂය සමඟ එකට වැඩ කිරීමට තීන්දු කිරීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

කිසිම ආකාරයෙන් සමගි ජන බලවේගය සමඟ එක්වීමක් එහිදී සිදු නොවූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔහු ඇතුළු පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමඟ එක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

තමන් ඇතුළු එම කණ්ඩායමට සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී එම සන්ධානය සමඟ කටයුතු කිරීමට තීරණය කළ බවටයි තොරතුරු වාර්තා වුණේ.