22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅයවැයට අපි සහය දෙන්නේ නැහැ - චන්න ජයසුමන

අයවැයට අපි සහය දෙන්නේ නැහැ – චන්න ජයසුමන

අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (16) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන අතකොළුවලට, හෙන්චයියන්ට ඉඩම් අක්කර දහස් ගණනින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන යෝජනාව ඉවත් කරගන්නා ලෙසයි.

මහවැලි අධිකාරිය යටතේ පැවතුණ අධි සංවේදී භූමි භාගයන් අයවැයේ එක වගන්තියකින් මෙලෙස විවිධ ජාවාරම්කාර කණ්ඩායම් අතට පත්වීමෙන් ජාතික ආරක්ෂාවටද බරපතළ තර්ජනයක් මතුවන බව ඔහු පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.