26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකබ්රාල් හා හිටපු ජනපති ලේකම් තමයි රටේ ආර්ථිකය කෑවේ - විජයදාස රාජපක්ෂ

කබ්රාල් හා හිටපු ජනපති ලේකම් තමයි රටේ ආර්ථිකය කෑවේ – විජයදාස රාජපක්ෂ

මෙරට ආර්ථිකය කඩා වැටීම සඳහා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මූලික වශයෙන් වගකිය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

දේශපාලඥයන්ගේ වගකීම මේ දේවල් සඳහා පැටවිලා තිබෙන්නේ වැරදි පුද්ගලයන් රජයේ වැදගත් ස්ථාන වලට පත් කිරීම නිසා. 2006 අප්‍රේල් මාසයේදී එවකට මම රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලලා අස්වෙන්න බලපාපු එක හේතුවක් තමයි මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කබ්රාල් මහත්මයාව පත් කිරීම.

මම ඔහු පත් කරද්දි කිව්වා සුදුසු නෑ කියලා. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න මූලික වශයෙන් ලොකු විනාශයක් කළ තැනැත්තෙක් තමයි අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ. ඒ වගේම පී.බී ජයසුන්දර කියන්නේ. එදා ආණ්ඩුවේම අය ආර්ථික ඝාතකයෝ විදියට හඳුන්වලා දුන්නා. ඒ උදවියගේ ක්‍රියාකලාපය නිසා අද පාර්ලිමේන්තුවේ 225 දෙනාටම බැට කන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේ පුද්ගලයන් පත් කිරීම තමයි දේශපාලඥයන් සිදු කර ඇති වැරදි.