31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalතවත් රාජපක්ෂ කෙනෙක් ඩයනාගේ හීනයට සහය දෙයි

තවත් රාජපක්ෂ කෙනෙක් ඩයනාගේ හීනයට සහය දෙයි

වර්තමානයේදී ලංකාවේ රුපියල් 500 කට අලෙවි වෙන ගංජා මිටිය එංගලන්තයේ අලෙවි වන්නේ රුපියල් පන්දහසක මුදලකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ තමා එංගලන්තයේ රැකියාව කළ 2002 වකවානුවේදී ලංකාවේ රුපියල් එකසිය පනහකට ලංකාවේ අලෙවි වූ ගංජා මිටිය එංගලන්තයේ රුපියල් දෙදාස් පන්සියයක පමණ වටිනාකමකට අලෙවි වූ බවයි.