― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsපොහොර සමාගම්වල පොහොර වංචාවක් හෙළි වෙයි

පොහොර සමාගම්වල පොහොර වංචාවක් හෙළි වෙයි

සහනාධාර යටතේ ගොවීන්ට ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට පොහොර නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට අලෙවි කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නිසි අයුරින් ගොවීන්ට පොහොර නොමැතිවීම හේතුව සම්බන්ධයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍රසිරි මහත්වරුන්පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම අනාවරණය වී ඇත.

පෞද්ගලික සමාගම් 17ක් සහ රජයේ සමාගම් දෙකක් ඇතුළු සමාගම් දහ නමයකට ගොවීන්ට පොහොර ලබාදීම සඳහා පොහොර ආනයනය කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය අවසර ලබාදී තිබිණි.

#ලංකාදීප