24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකුව ඊයේ කෝටි 13ක සල්ලි අච්චු ගහලා?

මහබැංකුව ඊයේ කෝටි 13ක සල්ලි අච්චු ගහලා?

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව කෝටි 12,992ක් වටිනාකමකින් යුත් මුදල් මුද්‍රණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඊයේ (15) ණය සේවාකරණ ගෙවීම් මූල්‍යයනය කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීම සිදු කළ බවයි.

මෙම සම්පූර්ණ නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 129,920.41ක් හෙවත් රුපියල් කෝටි 12,992කි.

නොවැම්බර් 14 වැනිදා වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණයෙහි මුහුණත වටිනාකම රුපියල් මිලියන 2,440,751.13ක් ලෙස දැක්වුණු අතර ඊයේ (15) එහි වටිනාකම දැක්වුණේ රුපියල් මිලියන 2,570,671.54ක් ලෙසයි.

මෙලෙස භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමේදී මහ බැංකුව විසින් නව මුදල් ප්‍රවාහයක් මුදා හැරීමක් සිදු කරනු ලබන අතර සාමාන්‍ය ව්‍යවහරයේ එය සඳහන් වන්නේ ‘සල්ලි අච්චු ගැසීම’ යනුවෙනි.