29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොහොර ගැන ගත් මෝඩ තීරණය නිසා තේ නිෂ්පාදනය අඩුවෙලා

පොහොර ගැන ගත් මෝඩ තීරණය නිසා තේ නිෂ්පාදනය අඩුවෙලා

තේ කර්මාන්තයේ නිෂ්පාදනය සියයට 60 කින් පමණ අඩුවී ඇත්තේ පොහොර සම්බන්ධයෙන් ගත් මෝඩ තීරණය නිසා බවත් ඒ හෙයින් තේ ගොවීන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි රජයට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (16) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තේ සඳහා පොහොර මිටිය රුපියල් රුපියල් 15,000 දක්වා වැඩි වී ඇති අතර තේ වගාවේ පොහොර ප්‍රශ්නයට රජයේ ලබා දෙන විසඳුම කුමක් දැයි ඔහු ප්‍රශ්න කළේය.

අද බොහෝ ප්‍රදේශවල මිලට ගැනීමට පවා පොහොර නැති බව සඳහන් කළ විපක්ෂ නායකවරයා පොහොර සඳහා සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි යෝජනා කළේය.

ප්‍රමිතියෙන් තොර වල්නාශක වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.