― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවට අවශ්‍ය සහාය දෙන්න චීනය සූදානම්

ලංකාවට අවශ්‍ය සහාය දෙන්න චීනය සූදානම්

ශ්‍රී ලංකාවට සංවර්ධනය කරා යෑමට අවශ්‍ය සහාය ලබාදීමට චීනය සූදානමින් පසුවන බවත් ශ්‍රී ලංකාව ඒ සඳහා සූදානම් විය යුතු බවත් විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන චීන මහජන සංගමයේ සභාපති (CPAFFC) ලින් සොන්ටියැන් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලංකාවේ චීන මිත්‍රත්ව සංගම් එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මම ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. යළි චීනය බලා ගිය පසු ශ්‍රී ලංකාව ඉතා සාමකාමී රටක් බවත් සුහදශීලී ආගන්තුක සත්කාරයට ළැදි ජනතාවක් සිටින රටක් බවත් චීන ජනතාවට පවසනවා. ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ඉතා සුදුසු රටක් බවත් එහි සංචාරය කරන ලෙසත් මම අපේ ජනතාවට කියනවා.

ඇත්තටම මේ රටට තිබෙන්නේ ඉතා වැදගත් පිහිටීමක්. එහි වාසිය ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුයි. විවිධ පාර්ශ්ව ආධාර දෙයි. එහෙත් ආධාර දෙන කිසිවෙක් ඔබට රැකියා දෙන්නේ නැහැ. අපි මේ ආධාර නිවැරදිව යොදාගෙන රැකියා ඇති කරගත යුතුයි. ආයෝජනයට අවශ්‍ය යටිතල පහසුකම් හදලා ආයෝජකයන්ට පැමිණෙන්න කියා ආරාධනා කළ යුතුයි. හම්බන්තොට ආයෝජන කලාපය ගන්න. ඒක චීනය හැදුවට ඒකෙ ආයෝජනය කරන්න කිසිවෙකුටත් සීමාවක් නෑ. ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය මේ හැමෝටම ඔබ ආරාධනා කළ යුතුයි එන්න අපේ රටේ ආයෝජනය කරන්න කියා. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට සහයෝගය දෙන්න චීනය සූදානම්. එහෙත් චීනය හෝ වෙනත් රටක් සූදානම් වූ පමණින් එය කරන්නට බැහැ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඔබත් සූදානම් විය යුතුයි.