27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැටුප් වැඩි නොකිරීම නිසා රජයේ සේවකයින් වැඩ වැරීමේ තීරණයක

වැටුප් වැඩි නොකිරීම නිසා රජයේ සේවකයින් වැඩ වැරීමේ තීරණයක

මෙවර අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද (16) සිට රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

රාජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බවත් එම වසරේදී රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසීය.

කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග මුදල් අමාත්‍යාංශයේදී පසුගිය 01 වැනිදා සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සලකා බලන බවට ප්‍රකාශ කළ බවද ඔහු කීවේය.