25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහඬ නඟා ජාතික ගීය නොකීවැයි ළමයෙකුට දැඩි දඬුවම් දීලා

හඬ නඟා ජාතික ගීය නොකීවැයි ළමයෙකුට දැඩි දඬුවම් දීලා

ජාතික ගීය ශබ්ද නගා ගායනා නොකළ බව පවසමින් සිසුවෙකුට පහරදුන් නර්තන ගුරුවරයෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 9 වන ශ්‍රේණියේ සිසුවෙකුයි මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ.

උදෑසන රැස්වීම අතරතුර එය සිදුව ඇති අතර ජාතික ගීය ශබ්ද නගා ගායනා කරන ලෙස පවසමින් අදාළ ගුරුවරයා තම දරුවාගේ හිසට පහර දී ඇති බව මව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්. මේ අතර සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අවධානයට ලක් කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා සෑ ම පොලිස් ස්ථානයකම වෙන ම කාමරයක් සහ ඊට අනුයුක්ත ව කටයුතු කිරීමට පොලිස් නිලධාරිනියන් සිවු දෙනෙකු පත් කළ යුතු බවටයි උපදෙස් ලබා දී ඇත්තේ. ළමා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම මෙන්ම ඒවා වාර්තා කිරීමේ දී විශේෂ ක්‍රම අනුගමනය කළ යුතු බවට ද එහි දී සාකච්ඡා වී තිබෙනවා.