― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධ හිංසාවට ලක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව විභාගය 2023 ජනවාරි 30 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සූදානම් බවත් එම වීඩියෝ සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවයි සඳහන් කළේ.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය දැනටමත් වසර හයක් පමණ ප්‍රමාදවී ඇති බව පැවසීය.

මෙම නඩු විභාගය අවසන් වශයෙන් ජනවාරි මස 30 වනදා දක්වා කල්තබන බවය. එදින නඩුව අනිවාර්යෙන්ම විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝග කර සිටියේය.