27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාසල් රෝහලේ සියලුම රුධිර පරීක්ෂණ නවතී

කාසල් රෝහලේ සියලුම රුධිර පරීක්ෂණ නවතී

සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය රුධිර ප්‍රතිකීයක නොමැති වීම හේතුවෙන් ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහල වන කාසල් වීදියේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙසේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බවද දැනගන්නට තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඊට සම්බන්ධ ලිපියක් රෝහලේ සියලුම අභ්‍යන්තර අංශ වෙත යොමු කොට ඇති අතර ඒ හේතුවෙන් පසුගිය 14 සහ 15 යන දෙදින කිසිදු පූර්ණ රුධිර පරීක්ෂණයක් රෝහල තුළ සිදුව නැති බව පැවසේ.

මේ හේතුවෙන් රෝහල්ගතව සිටි ගර්භණී මව්වරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් පසුව පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු රුධිර ප්‍රතිකීයක හේතුවෙන් නැවතත් එම පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.