23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsධනුෂ්කට Tinder තහනම් වෙයි

ධනුෂ්කට Tinder තහනම් වෙයි

කැමැත්තෙන් තොරව කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරීම හේතුවෙන් ඕස්ට්‍රිලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය අද (17) උදෑසන තීරණය කළේය.

සිඩ්නි අධිකරණය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි මුරුගන් තංගරාජ් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා රජය තම සේවා දායකයාට සහය දක්වන බවත් ඔහුට ඇප ලබා නොදුනහොත් ඔහුගේ ක්‍රීඩා ජිවිතය අවසන් වනු ඇති බවත්ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔස්ට්‍රේලියානු ඩොලර් 150000 ක ඇපයක් මත ධනිෂ්ක ගුණතිලක නිදහස් කර තිබේ.

ඇප මත මුදාහැරි ධනිෂ්ක ගුණතිලක සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතු අතර සෑම දිනකම රාත්‍රී 9.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඔහුට සංචරණ සීමා පනවා තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීමත්, මුණගැසීම් සම්බන්ධ ඇප් භාවිතයත් ධනිෂ්ක ගුණතිලකට තහනම් කර තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක අද උසාවිය හමුවේ පෙනී සිටියේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි.