27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනඩු 17කට වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

නඩු 17කට වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

රාගම දුම්රියපොළ ඉදිරිපිට සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම වසම තුළ අපරාධ නිවාරණ රාජකාරි යෙදි සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ගල්වත්තත, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

සැකකරු අද (17) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවත් වැලිපැන්න, පයාගල, මිගහතැන්න, බේරුවල, දොඩාංගොඩ සහ මතුගම පොලිස් ස්ථාන මගින් ගොනුකර ඇති මතුගම සහ කළුතර අධිකරණවල විභාග වෙමින් පවතින නඩු 17ක් සඳහා වරෙන්තු නිකුත් වූ සැකකරුවෙකු බවටත් එම නඩු අතරින් නඩු 5ක් සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවත් අනාවරණය වී ඇත.

රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.