― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෙළපොත් මුද්‍රණ වියදම 7 ගුණයකින් ඉහළට

පෙළපොත් මුද්‍රණ වියදම 7 ගුණයකින් ඉහළට

2023 නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ වැයවන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙළපොත් මුද්‍රණ වියදම සත් ගුණයකින් ඉහළ ගොස් තිබේ.

මෙම වසරේදී පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2338ක් වැය වී ඇති අතර එම වියදම 2023 වසරේදී සත් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම දෙපාරතමේන්තුව පැවසුවේ.

2023 වර්ෂය සඳහා වන පෙළපොත්වලින් 45%ක් මුද්‍රණ සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඒ සඳහා අවශ්‍ය කඩදාසි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට අමාත්‍යංශ ප්‍රසම්පාදන අංශය මගින් කටයුතු කරමින් සිටින බවද මේ අතර වාර්තාවේ.

ඉතිරි 55% පෞද්ගලික අංශය මගින් මුද්‍රණය කිරීමට නියමිතය.