කතරගම – දෙටගම ප්රදේශයේදී වයස අවුරුදු 05ක දරුවෙක් වායු රයිෆලයක් පත්තු වීමකින් සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.
වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ප්රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පවසන්නේ වායු රයිෆලයක් වැරදීමකින් ක්රියාත්මක වීමෙන් කුඩා දරුවාට වෙඩි වැදී ඇති බවයි.
18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් අනාරක්ෂිත ලෙස රැගෙන යමින් සිටි වායු රයිෆලයක් මෙලෙස වැරදීමකින් ක්රියාත්මක වී ඇති බව පොලීසිය පවසයි.