― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද (17) සිට ඉහළ දමා තිබේ.

ඒ 2023 අයවැය යෝජනාවට අනුවයි. ඒ අනුව එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දමා ඇත.

සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී අය කෙරුණු රුපියල් 3500 ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ දමා ඇති අතර විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර වසරකට අඩු කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍ර වෙනුවෙන් අය කරනු ලබන රුපියල් 11,500ක දඩ මුදල රුපියල් 20,000 දක්වා ඉහළ නංවා තිබේ.

එමෙන්ම නිකුත් කර වසරකට වැඩි කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍ර වෙනුවෙන් අය කරනු ලැබූ රුපියල් 11,500ක දඩ මුදල රුපියල් 15,000ක් දක්වා ඉහළ දමා තිබේ.