― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසෙස් බද්දෙන් භාණ්ඩ 637ක මිල ඉහළට

සෙස් බද්දෙන් භාණ්ඩ 637ක මිල ඉහළට

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පසුගියදා (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා තිබේ.

මෙලෙස සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ.

මෙම සෙස් බද්ද යටතේ ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි.

එලෙස ඉහළ යන භාණ්ඩ අතරට සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යද, පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩ ඇතුළත් වේ.

ඒ අනුව ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්, ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්, අර්තාපල් කිලෝවක් රුපියල් 220ක්, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300ක්, බටර් කිලෝග්‍රෑමයක් රුපියල් 550ක් සහ චීස් කිලෝග්‍රෑමයක් රුපියල් 600කින් ආදි වශයෙන් බදු ඉහළ යාමට නියමිතය.

රේගුවට දන්වා ඇත්තේ ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් 300කින්ද, ඇපල් කිලෝග්‍රෑමයක් රුපියල් 380කින්ද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 60කින්ද, කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් 370කින්ද, ආනයනික රබර් හා ටයර් රුපියල් සීයේ සිට හාරසීය (100-400) දක්වාද, පාවහන් වර්ග අනුව රුපියල් 90 – 1840 දක්වාද, බෝල්පොයින්ට් පෑන්වල මිල සීයට 25%ක් දක්වාද, අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද, දවටන කිලෝග්‍රෑමයක් රුපියල් 200කින්ද ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 300කින්ද වශයෙන් බදු අය කරන ලෙසයි.