― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews14 හැවිරිදි දැරිය මවක් කළ බාප්පාට වසර 10ක සිර දඬුවමක්

14 හැවිරිදි දැරිය මවක් කළ බාප්පාට වසර 10ක සිර දඬුවමක්

වව්නියාවේ මහාධිකරණය විසින් තම වැඩිමහල් සොහොයුරාගේ දියණිය බලහත්කාරයෙන් දූෂණය කර ඇයව ගැබිණියක් කළ බාප්පාට එරෙහිව බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඩුවමක් නියම කර තිබේ.

2014 වසරේ මැයි මස 20 වැනිදා මෙම දැරියව අදාළ සැකකරු විසින් දැරියගේ නිවසේදීම දූෂණයට ලක් කොට ඇති අතර ඇය ඒ වනවිට වයස 14ක් වූ පාසල් යන වයසේ දැරියකි.

දැරියගේ මව විදේශගත වී සිටින බවත් දැරියගේ බාප්පා විසින් ඇයව කිහිප වතාවක්ම ඇයගේ නිවසේදී දූෂණය කොට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිදුවීමෙන් පසු අදාළ දැරිය ගැබිණියක් බවට පත්ව ඇති බව දැනගෙන ඇත. දැරිය විසින් පිරිමි දරුවකු බිහි කිරීමෙන් පසුව අධිකරණ නියෝග මත දැරියගේත් බාප්පාගේත් බිළිදාගේත් රුධිර සාම්පල ඩී.එන්.ඒ පරීක්ෂණවලට ලක්
කිරීමෙන් පසුව බිළිදාගේ පියා දැරියගේ බාප්පා බවට තහවුරු වීමෙන් පසුව අදාළ සිර දඩුවම නියම කොට තිබේ.

දූෂණයට ලක් වූ දැරියට මුදලින් රුපියල් ලක්ෂ හතරක වන්දියක් හා රජයේ ගාස්තු වශයෙන් රුපියල් 20000 ක මුදලක්ද ගෙවන ලෙස විනිසුරුවරයා ඊයේ (16) නියම කර තිබේ.

තවද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට නියම කළ සිර දඩුවම තවත් වසර 4 කින් දීර්ඝ වන බවයි.