27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාතාලය හා STF අතර වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

පාතාලය හා STF අතර වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙක් බව පොලීසිය පවසයි.

එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.

මෙහිදී ඨ්-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.

විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.